ලැම්බෝගිනියක් පිළියන්දල නිවෙසක?


පිළියන්දල බෝකුන්දර පළමු පටුමගේ පදිංචි මගනැගුම ව්‍යාපෘතියේ විශ්‍රමික නිලධාරියකුගේ  නිවසේ තිබි ලැම්බෝගිනි වර්ගයේ බව කියන මෝටර් රථයක් සොයාගත් බව පොලිසිය කියයි. යුද හමුදාවට වාහන සැපයූ තම පුතු යාළුවෙකුගේ එකක් බව පවසා ගෙනා බව නිවැසියන් පොලිසිය පවසා ඇත. පොලිසිය ලැබුණු තොරතුරක් මත මෙම මෝටර් රථය සොයාගත් බවත් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය කියයි. එහි අයිතිය සනාථ කිරීමට ලියවිලි ඔවුන් සතුව ඇති බවත් ඉදිරියේ ඒවා ඉදිරිපත් කරන බව පොලිසිය කියා ඇත.

IMG_3157 IMG_3159 IMG_3162 IMG_3167 IMG_3169