ඩයනා උදයංගනී
ජාතික නිදහස් දින උළෙලේදී ලැප්ටොප් පරිගණක යොදාගෙන ඉදිරිපත් කිරීමට නියමිතව තිබී පසුව සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ විවේචන හමුවේ වෙනස් කෙරුණු නව නිර්මාණ නර්තනය සඳහා ලැප්ටොප් පරිගණක වෙනුවට මල් පොකුරක් යොදාගෙන තිබෙනු අද පැවති නිදහස් දින උළෙලේදී දැකගන්නට ලැබිණි.
බිංගිරිය අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසු සිසුවියෝ (ගුරුවරු) එම නර්තනය ඉදිරිපත් කළහ.
මෙම නර්තනය සම්බන්ධයෙන් එය පුහුණුවීම් සිදුවන දිනවලදී සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි විවේචන එල්ල වූ අතර ඉන්පසු එය වෙනස් කෙරිණි.

ඡායාරූපය රොමේෂ් ධනුෂ්ක සිල්වා

