ලැප්ටොප් බෑගයෙන් ඩොලර් මතුවේ


ඇමෙරිකා ඩොලර් අනු දහසක් හෙවත් රුපියල් අනූ ලක්ෂයකට අධික මුදලක් පාකිස්තානයේ කරච්චි නුවරට රැගෙන යාමට තැත් කළ පාකිස්තාන ජාතිකයෝ දෙදෙනෙක් අවසන් පර්යන්තයේදී අද සවස සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ලැප්ටොප් බෑග් දෙකක මේ සල්ලි තිබූ බව රේගුව කියයි.