ලැප්ටොප් 46ක් සොරාගත් සේවකයින් තිදෙනකු අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක  රාජගිරිය ප්‍රධාන මූලස්ථානයෙන්  ලැෆ්ටොෆ්  පරිගණක 46 ක් සොරාගත්  සේවකයන් පස්දෙනාගෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.

සොරාගත් එම පරිගණක වල වටිනාකම රුපියල් 2,140.000/= බව පොලිසියේ සඳහන්කරයි.

තම ආයතනයේ  ගබඩා කර තිබූ පාවිච්චියෙන් ඉවත් කරන ලද ලැෆ්ටොෆ්  පරිගණක 46 ක් කිසියම් පිරිසක් සොරාගෙන ඇති බවට එම ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා වැලිකඩ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

2025 ජුනි මස හා මෙම මස 02 දිනත් අතර කාලයේදී  එම සොරකම සිදුවී ඇති බව  මෙහෙයුම් නිලධාරීවරයා කරන ලද පැමිණිල්ලේ සඳහන් කර තිබූ බව පොලිසිය කියයි.

ඒ අනුව කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව පොල් ගස් ඕවිට ,ඇතුල් කෝට්ටේ සහ පානදුර හීරණ ප්‍රදේශවල පදිංචි  වයස අවුරුදු 29/34 පසුවන සැකකරුවත් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සොරා ගෙන තිබූ ලැෆ්ටොෆ්  පරිගණක ඔවුන්ගේ නිවාස වල තිබී පොලිසිය මගින් සොයාගෙන ඇත.

මෙම සොරකමට සම්බන්ධ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.