(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නවගමුව ලැගුම්හලක නාන කාමරයක තිබු පුලුස්සා දැමී යැයි සැක කෙරෙන නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් අද(30) සොයාගත් බව නවගමුව පොලිසිය කියයි.
ලැගුම්හලේ නවතැන්ගැනීමට පුද්ගලයන් දෙදෙනෙකු පැමිණි බවද ඉන් එක් අයෙකු අද (30) පිටව යන අයුරු සේවකයන් දුටු බවද පොලිසිය කියයි.
මිය ගිය තැනැත්තාගේ සහ ලැගුම්හලෙන් පිටව ගිය පුද්ගලයාගේ පුද්ගල හැඳුනුම්පතක් හෝ එහි කළමනාකරු ලබාගෙන නැතැයි ද පොලිසිය වැඩිදුරටත් පවසයි.
නවගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

