(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සැපයුම නැවත ආරම්භ කරන බව එම සමාගමේ සභාපති ඩබ්ලිව්. එච්. කේ. වෑගපිටිය මහතා ‘ලංකාදීප’යට පැවසීය.
එම සමාගම ආනයන කළ ගෑස් රැගත් නෞකාවක් ඉදිරියේදී ලැබීමට නියමිත බවත් ඉන් අනතුරු ගෘහස්ථ ගෑස් සැපයුම ආරම්භ කරන බවත් ලාෆ් ගෑස් සමාගමේ වෙනත් උසස් නිලධාරියෙක් පැවසීය.
ලාෆ් ගෑස් සමාගම මීට මාස තුනකට පමණ පෙර ගෘහස්ථ ගෑස් සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමෙන් ලක්‍ෂ 30 කට ආසන්න ලාෆ් පාරිභෝගිකයෝ අපහසුතාවට පත්වූහ.