(යොහාන් භාසුර)
ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 160 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමාගම අද (3) නිවේදනය කළේය.
ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 65 කින් ද, පහළ දැමූ බවත් නව මිල අද (4) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් එම සමාගම කීය.
එම මිල පහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3,680 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1,477 ක් දක්වා ද, අඩු කළ බවත් එම සමාගම සඳහන් කළේය.

