ලාෆ් ගෑස් මිලෙත් වෙනසක් නෑ


(යොහාන් භාසුර)

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මෙම මස (පෙබරවාරි) සංශෝධනය නොවන බව එම සමාගම අද (2) පැවසීය.

ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,740 ක සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,900 ක තව දුරටත් පවතින බව ද එම සමාගම සඳහන් කරයි.