ලාම්පු තෙල් වැඩි කළාට ධීවරයෝ ටයර් පුළුස්සති


භූමිතෙල් මිල රුපියල් 35කින් ඉහළ දැමීමට එරෙහිව බස්නාහිර ධීවරයෝ හලාවත, මීගමුව, ආදී නගරවලට රැස්ව කොළඹ-පුත්තලම මහා මාර්ගය අවහිර කරමින් විරෝධතා පැවැත්වූහ.ඔවුහු සිය යාත්‍රා වැල්ලෙන් ගොඩට ගත්හ. හලාවත නගරයේ පමණක් පන්දහසකට වැඩි පරිසක් ටයර් පුළුස්සමින් ගමනාගමනය අවහිර කරමින් විරෝධතා පැවැත්වූහ.