තිළිණි ද සිල්වා
ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍ර ලාභීන්ට ලාඕස ජනරජයට පැමිණී මෙන් පසු වීසා බලපත් ලබාගැනීමේ පහසුකම හිමිවී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ඊයේ (01) සිට බලපැවැත්වෙන පරිදි එරට රජය වෙනුවෙන් ලාඕස විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ බව දැනුම්දී ඇතැයි මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළා.
ඒ අනුව ශ්‍රී ලාංකිකයන්ට වීසා බලපත් නොමැතිව හෝ දේශසීමාව වෙත ළඟාවීමෙන් පසු වීසා ලබාගැනීමේ පහසුකම හිමිවන රටවල් සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් ඇත.