ලාංකිකයෙක් හීතලේ මැරේ


රැකියාවක් නොමැතිව සිටි ශ්‍රී ලාංකිකයකු ලුකා නගරයේ අතහැර දැමූ ශාලාවක නිදා සිටියදී අධික සීතලෙන් මියගිය බව ඉතාලි රෝහලක් කියයි. වර්ණකුල ප්‍රනාන්දු (38) නම් මෙම පුද්ගලයාගේ ශරීර උෂ්ණත්වය අස්වාභාවික ලෙස පහත වැටීමෙන් ඇතිවූ හෘදයාබාධයකින් මියගිය බව වෛද්‍යවරු කියති. ලුකා නාගරයේ සිටින සහෝදරයා සොයා 2011 පෙබරවාරියේ දී සිය බිරිය හා දරුවන්දෙදෙනා සමග ඕලන්දයේ සිට නීති විරෝධි ලෙස ආ බව ඉතාලි පොලිසිය පවසයි. ඉතාලියට එන ඇතැමුන් මත්පැනට ගිජුවී බේබද්දන් වී සිටිතියි ද පොලිසිය පවසයි. පසුගිය දින තුනේ දී සීතල නිසා ඉතාලියේ 18 දෙනකු මියගිය බවත් ඉදිරියේ දී සීතල තවත් වැඩිවිය හැකි බවත් ඉතාලි බලධරයෝ අනතුරු අඟවති. සීතල නිසා යුරෝපයේ පමණක් 300 මරුමුවට පත්වූහ.