ලාංකිකයාගේ හොර පාර අහු වේ


ව්‍යාජ ගමන්බලපත්‍රයකින්  ඉන්දියාවේ  නව දිල්ලි නගරයේ සිට බෙල්ජියමේ බ්‍රසල්ස් දක්වා ගමන්කිරිමට තැත්කළ බව කියන  ලාංකිකයකු නව දිල්ලියේ නුවර ඉන්දිරා ගාන්ධි අන්තර්ජාතික ගුවන්තොටුපොළේදි , එරට බලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිය.

තොම්සන්(25) නැමති ලාංකිකයා  තිරුවරුර් හී විසූ නම් ව්‍යාජ නමින් පෙනී සිටි නිසා එම නගරය  තමිල්නාඩුවේ මදුරෙයි දිස්ත්‍රික්කයට  අයත්වන බැවින් එහි අධිකරණයට ඉදිරිපත්කිරිමෙන් අනතුරුව ලබන 12 දක්වා  බන්ධනාගාර ගත කරනු ලැබීය.

 තිරුවරුර් ග්‍රාමයෙන් 2011-2012 කාලයේ  ව්‍යාජ ගමන් බලපත්‍රවලින් ගමන්කිරිමට තැත්කළ 104 දෙනෙක් ද මෙම හොර ගමන්බලපත්‍ර  සැකසූ ඉන්දියා දෙදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.