ලාංකිකයා ලංකාවම කයි


ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ  බස් රථයකදී දාහත් හැවිරිදි ඉතාලි ජාතික ගැහැණු ළමයකුගේ අයි ෆෝනයක් සොරකම් කළැයි  ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගත් බව ඉතාලි පොලීසිය කියයි.

බස් රථයක ගමන් ගන්නා විටදී  ඇගේ දුරකතනය නැති වී ඇති අතර  පසුව ඇයගේ සහෝදරියගේ ජංගම දුරකතනයෙන් නැති වු ‍දුරකතනය සම්බන්ධ කැර ගැනිමට උත්සාහ කළද එය අසාර්ථක වී ඇති අතර පසුව සොහොයුරියගේ දුරකතනයට ආ කෙටි පණිවිඩයෙන් කියැවුණේ දුරකතනය මා ළග ඇත එය ගැනීමට නම් යුරෝ තුන්සීයක් (රුපියල් 54600)  ද අවශ්‍ය ඇත යන්නයි.

පසුව  නැවත නැවත  ඇමතුම් ලබා දුන් වේලාවේ නැවත ඔහු කෙටි පණිවුඩ මගින් දන්වා ඇත්තේ  ‘කතා නැත මුදල් පමණයි‘ යන්නයි.

පසුව   දෙපැත්තේම එකඟතාවය මත පොලීසියට ද දන්වා  සරුඝෝෂා මාවතේ පිහිටි සුපිරි වෙළදසල අසලට  ගොස් දුරකතනය සොරාගත් පුද්ගලයා සෙවු නමුත් ඔහු එහි නොවීය.

නැවත ඇමැතුමක් දුන් විට ඔහු අසල ගොඩනැගිල්ලක හිද දුරකතනයද පෙන්වා සංඥාවක් දීමෙන් අනතුරුව මව සහ දියණිය එම ස්ථානයට ගිය විට සිවිල් වෙසින් සිටි පොලීසිය  ඔහු අත්අඩංගුවට ගත්තේය.