ඉතාලියේ තාරාන්තෝ පළාතේ ජිවත් වූ ශ්‍රි ලාංකිකයෙකු (59) නිවසේ ගැස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් මියගොස් ඇති බව ඉතාලි පොලිසිය පවසයි. තවත් ශ්‍රි ලාංකිකයින් තිදෙනෙකු බරපතල පිළිස්සුම් තුවාල සහිතව තාරාන්තෝ සන්තිස්සිමා අනුන්ශියානා මහරෝහලට ඇතුළත් කරනු ලැබුහ. මේ අතර දරුවෙකු ලැබීමට ආසන්න ගැබිණි කාන්තාවක් ද සිටින බව ද ඔවුන් තිදෙනාම මියගිය අයගේ මිතුරන් බවද ඉතාලි පොලිසිය පවසයි. ඉහළ මහලේ ජිවත් වූ ඉතාලි ජාතිකයින් දෙදෙනෙක් ද පිළිස්සුම් තුවාල සහිතව එම රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.


