ලාංකිකයා තරගයෙන් ඉවතට


ඉතාලියේ රායි දෙක නැමති රජයේ රූපවාහිනී නාළිකාවෙන් ප්‍රචාරයවන පෙකීනෝ එස්ප්‍රස් නැමති රීයෑලිටි වැඩසටහනට ග්‍රෙගරි ජයසේන නම් ලාංකිකයෙක්ද තරඟවැද සිටියි. නළුවන් ,ක්‍රීඩකයින්,ආදරවන්තයින් ,පියපුතු,නිරූපිකාවන් ආදීවශයෙන් 16දෙනෙකු මෙහි තරගවැද සිටියෝය.

ලාංකිකයා තරගවැදසිටියේ තම සේවා ස්ථානයේ ස්වාමිදුව වන මර්කේසා මහත්මිය සමගය.මෙහි තර‍ගය  වන්නේ වියට්නාමය, තායිලන්තය, ලාඕසය හරහා තායිලන්තයේ  බැංකොක් නුවරට මුලින්ම පැමිණෙන යුවළ ජයග්‍රහණය කිරීමයි.

 ප්‍රවාහන පහසුකම් සහ නවාතැන් පහසුකම් තමන්ම නොමිලේ සපයාගත යුතුවේ. ඉහත සඳහන් රටවල නොදියුණු ගම්මාන ගැමිපරිසරය තුලින් දුෂ්කර ගමනක මොවුහු ගමන්කරති.කොටස් දහයකින් සමන්විත මෙම  වැඩසටහන් මාලාවේ ඊයේ ප්‍රචාරය වූ හත්වැනි වැඩසටහනේදී  ලාංකිකයා සහ තම ස්වාමිදුව ලකුණු අඩුවීම නිසා තරඟයෙන් ඉවත් වුහ.