ලාංකිකයා ගෙන්නගන්න ඉන්ටපෝල් සහාය ඉල්ලයි


මැලේසියාවේ සිටින ශ්‍රී ලාංකිකයකු වන මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජහිඩ් අත් අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදනයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකාව සැරසෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

2009 වසරේ සිට මේ දක්වා කන්ටේනර 7කින් ශ්‍රී ලංකාවට මත්කුඩු කිලෝ 750 - 1000 අතර ප්‍රමාණයක් එවීම සම්බන්ධයෙන් මොහු ළඟ වැදගත් තොරතුරු ඇතැයි පොලිසිය සැක කරයි.

මෙම පුද්ගලයා සෙල්වම් සහ පරාවර්තන නමැති සිංහල චිත්‍රපට දෙකක්ද නිෂ්පාදනය කර ඇතැයි කියති.

web