ලාංකිකයා ගඳ වැඩක් කරයි


ඉතාලියේ මිලානෝ නගරයේ ෆරීනි මාවතේ සුවඳවිලවුන් හළකින් සුවඳ විලවුන් බෝතල් දොළහක් සොරකම්කිරීමට තැත් කළැයි ලාංකිකයෙක් මිලානෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබීය.

 සුවඳ විලවුන් හලට ඇතුළුවූ ලාංකිකයා සුවඳ විලවුන් බෝතල්වල ඇති තීරුසංකේත ඉවත්කර ඒවා සොරකම්කරන බව දැනගත් වෙළඳසලේ කලමනාකරු ඔහු අල්ලාගැනිමට තැත්කිරීමේදී ලාංකිකයා ඔවුන්ට තර්ජනයකර පලායාමට තැත්කර ඇත.

ඔහු පොලිසිය කැඳවීය. ලාංකිකයා අත්අඩංගුවට ගනු ලැබීය.