ලාංකිකයා ඔලිම්පික් කණුව කලින්ම නගී


2012 ලන්ඩන් ඔලිම්පික් තරගයේ ප්‍රවාහන අධ්‍යක්ෂක ලෙස සුජිත් වීරසිංහ මහතා බ්‍රිටිෂ් පෙට්රොලියම් තෙල් සමාගමක් විසින් පත් කරනු ලැබ සිටියි. ලන්ඩන් නුවර ශ්‍රී ලංකිකයකු ලද විශිෂ්ට ජයක් ලෙස මේ පත්වීම සැලැකේ. එම සමාගමේ විශිෂ්ට සේවකයකු ලෙස සම්මාන දිනා සිටින සුජිත් යටතේ සේවකයන් හාර සියයක් සිටින බවත් ලාභදායි ලෙස දිනපතා මෙහෙයුම් ද සේවක සෞඛ්‍ය හා ආරක්ෂාව ද ඔහුගේ කාර්ය භාරය බවත් ප්‍රකාශිතය. ‘‘සාර්ථකත්වයට කෙටිපාරක් නැහැ. වැඩ හරියට කිරීමේ පාඩම මා උගෙන ගත්තේ මගේ මවුපියන්ගෙන් ‘‘යැයි සුජිත් කියයි.