ලාංකිකයන් 18 ක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරති


 

 

 

(ටී.කේ.ජී.කපිල )

 

නීතිවිරෝධී ක්‍රම භාවිතා කර ඕස්ට්‍රේලියාවට සංක්‍රමරණය වී සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු අද (17) උදෑසන එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ බව ගුවන් තොටුපොළ රාජකාරි කළමනාකාරීවරයා පැවසීය.

 

මෙම පිරිස අද උදෑසන 6.45 ට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එව තිබිණි.

 

මෙම ශ්‍රී ලාංකිකයන් එක් අයෙකුට දෙදෙනා බැගින් ඕස්ට්‍රේලියානු ආරක්ෂක නිලධාරීන් 36 දෙනෙක් ද මෙම ගුවන් යානයේ පැමිණ සිටියහ .

 

A- 319 එයා බස් වර්ගයේ මගීන් 160 දෙනෙකුට පමණ ගමන් කළ හැකි විශාල මගී ගුවන් යානයක් මෙම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය යොදවා තිබීම ඕස්ට්‍රේලියාව මෙම පිටුවහල් කිරීම් සම්බන්ධයෙන් දක්වන උනන්දුව පෙන්වන කරන බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

               

මෙම  ලාංකිකයන් පිරිස පැපුවා නිව්ගිනියාවල පිහිටුවා ඇති රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තබා සිටි පිරිසක් බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය .