දකුණු ඉන්දියාවේ තිරුචි පෙරුම්බලූර් හි පිහිටි සරණාගත කඳවුරක පදිංචිව සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් දෙදෙනකු මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇතැයි ද හින්දු පුවත්පත් වෙබ් අඩවිය කියයි.
මොවුහු සරණාගත කඳවුරේ බලධාරීන්ට කිසිදු හේතුවක් හෝ පැමිණිල්ලක් ඉදිරිපත් නොකර මෙම මාරාන්තික උපවාසය ආරම්භ කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
මෙලෙස උපවාස ක‍්‍රියාමාර්ග ආරම්භ කොට ඇත්තේ බී.සර ගුණරාජන් සහ සාන්තන් නමැති ලාංකිකයන් දෙදෙනෙකි. මොවුන් කාලයක පටන් පෙරුම්බලූර් සරණාගත කඳවුරේ පදිංචිකරුවෝ වෙති.
කඳවුරු බලධාරීන් සඳහන් කරන්නේ මොවුන් මෙලෙස හේතුවක් නොදන්වා උපවාස ක‍්‍රියාමාර්ග ගැනීම නීතිවිරෝධි බවය.
කෙසේ වෙතත් කඳවුරු බලධාරීන් උපවාසයේ නිරත ලාංකිකයින් දෙදෙනාට දන්වා ඇත්තේ වහාම මෙම උපවාසය නවතා දමා තමන්ට ගැටලූ ඇත්නම් ඒවා ලිඛිතව තමන් දන්වන ලෙසය. එසේ නොමැති නම් ඔවුන් එරෙහිව නීත්‍යනුකූල ක‍්‍රියාමාර්ග ගන්නා බවද ඔවුහු පවසති.

