ලාංකික 10ක් බ්‍රිතාන්‍ය හමුදාවේ


බ්‍රිතාන්‍යහමුදාවන්හි ශ්‍රී ලාංකික සම්භවය ඇති දස දෙනකු සේවය කරන බව බ්‍රිතාන්‍ය පාර්ලාමේන්තුවේ දී සඳහන් විය.

බොබ් රසල් මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් උප ඇමැති ඇනා සෝබ්‍රි එම පිළිතුර සභාගත කළාය.

බ්‍රිතාන්‍ය හමුදාවන්හි සිටින මුළු ගණන 157490ක් බවත්, එයින් 33080ක් රාජකීය නාවික හමුදාවේ ද, 89480ක් යුද හමුදාවේ ද, 34940ක් රාජකීය ගුවන් හමුදාවේ සේවය කරන බව සභාගත කළ පිළිතුරේ සඳහන් වේ.