සන්ඩේලීටර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මහතා අද ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවේ පැය තුනක ප්‍රකාශයක් ලබා දුන්නේය.
ගල්කිස්ස භාර නියෝජ්‍ය පොලිස්පතිගේ ඉල්ලීමට අනුව ලසන්ත ඝාතන පරීක්ෂණ සටහන් පොලිස් පොතින් ඉරා නියෝජ්‍ය පොලිස්පතිට බාර දුන්නේ මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඉදිරියේ බව රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබිණි.
තමාට මහේස්ත්‍රාත්වරයා හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය බව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස සිටි හේමන්ත අධිකාරී මහතා පසුගිය සිකුරාදා (16) ඉල්ලා සිටියේය. ඒ අනුව අද මහේස්ත්‍රාත් නිල මැදිරියේදී පැය තුනක කාලයක් එම ප්‍රකාශය ලබා දුන්නේය.