ලලිත් වීරතුංගත් ජනපති කොමිසමේ සාක්කි දෙයි


බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ අද මුලින්ම සාක්කි දුන්නේ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත සන්ධානයේ හිටපු මහලේකම්වරයායි.

ස්වාධීන රූපවාහිනියේ මහින්ද රාජපක්ෂ මහතාගේ පළ කළ ඇතැම් දැන්වීම්වලට මුදල් අය නොකළැයි කියන සිද්ධියක් ගැන කොමිසම විභාගයක් පවත්වයි.

ප්‍රේමජයන්ත මහතා සිය සාක්කිය අවසන් වී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වාඩිවී සිටි ස්ථානයට පැමිණ වාඩි ගත්තේය. අනතුරුව දෙදෙනාම එළියට ගියහ.

ඊළඟට සාක්කියට පැමිණියේ ස්වාධීන රූපවාහිනියේ ගණකාධිකාරීවරයාය. ඔහුගෙන් පසුව හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග සාක්කි දීම සඳහා පැමිණියේය.