ලලිත් දිසානායක දැන් මහින්දට බනියි


‘මම පරාජය වුණේ නැහැ. පරාජය කළා. අපිත් එක්ක එකට ඉන්න පිරිසක් තමයි එහෙම කළේ. එජාපයටත් වඩා මට අභියෝගයක් වෙලා තිබුණේ ඔවුන්ගෙන්.‘ යැයි හිටපු නියෝජ්‍ය ඇමැති අරණායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලලිත් දිසානායක මහතා සිය නිවසේ පැවති මාධ්‍ය හමුවකදී කීය.

‘ අපේ කණ්ඩායම මහින්ද පිල මෛත්‍රීපිල කියලා ඔවුන් දෙකට ඛෙදුවා. ඔවුන් එය ගම් මට්ටමට බිම් මට්ටමට අරන් ගියා.

මම යහපාලන ආණ්ඩුවේ ඇමතිකමක් ගත්තේ එජාපයට සහයෝගයක් වශයෙන් යැයි ඔවුන් ජනතාව අතර මතයක් ගොඩ නැගුවා. ඒ එක්කම සමහර අංකවලට විතරක් මනාප දෙන්න කියා රැස්වීම් වලදී කීවා.

කෑගල්ලේ ප්‍රසිද්ධ රැස්විමේ දී   මහින්ද මහත්තයා නම් වශයෙන් කිව්වා අහවල් අයට මනාප දෙන්න කියා. එයත් අපේ පරාජයට බලපෑවා.   

 දිනුම වගේම පැරදීමත් මට හොදට පුරුදුයි. 2001 මම දී පැරදිලා තනතුරු මොකවත් නැතිව ගෙදර ආවා. නමුත් පසුව අපි ගොඩ ආවා. එදා අපි පැරදුනත් වෙන පක‍ෂ වලට ගියේ නෑ. ජය පරාදයත් එක්ක පක‍ෂයේ හිටියා.

ඉදිරියේ දී නීතිඥ වෘත්තිය කරනවා. මට මගේ මහන්සියෙන් හම්බුකරගෙන කන්න පුළුවන්. ‘