ලයිබීරියා ගමන නවතයි


එබෝලා පැතිරිමෙන් තිබෙන ලයිබීරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉක්මණින් යළි ගෙන්වාගැනීමට සැළසුම් කැර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

දැනට ලාංකියන් 200ක පමණ පිරිසක් ලයිබිරියාවේ සේවය කරන බවත් ඉදිරියේ දී මෙරට වැසියන් ලයිබීරියාවට රැකියා සඳහා යාම වළක්වන බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඔවුන් ගෙන්වාගන්නේ මෙරට සිටින ඥාතීන්ගේ මාර්ගයෙනි.