කීර්ති පැස්කුවල්, ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ ලයාන්විතයාය. සිය ලයාන්විත හඬින් සිංහල ගීත රසිකයන් අතර නොමැකෙන ලෙස රඳුණු ඔහු කාලයේ තාලයට අවනත වුණු ගායකයෙක් නොවේ. වර්තමානයේ සිංහල සුභාවිත ගීතයට ලබා ඇති සෙනසුරු දසාව ගැන කලකිරී එකිනෙකාට බැණ වඳිමින් සිටිනවා වෙනුවට ඔහු නොබියව උඩුගං බලා පිහිනන්නේය. ලාභ පාඩු ගැන නොසලකා වසරකට දෙකකට වතාවක් අලූත් ගීත එකතුවක් රසික දෝතට තිලිණ කරන්නේය.
ඉතිං මේ ලයාන්විතයා අලූත්ම ක්‍රියාන්විතයක් ආරම්භ කර තිබේ. අපි අද සඳැල්ලේ ඉඩකඩ ඔහුට වෙන් කරන්නේ ඒ නවතම ක්‍රියාන්විතය ගැන කරුණු හෙළිපෙහෙලි කරන්නටය.
‘‘අපේ රටේ යුගයක් ආලෝකමත් කළ පැරණි ගායකයන්ගෙ ගායිකාවන්ගෙ ගීත අද අපිට ඇහෙන්නෙ නැති තරම්. බොහොමයක් එෆ්. එම්. නාලිකාවලින් මේ පැරැුණි ගීත ප්‍රචාරය වෙන්නේ නැහැ. මම දකින්නෙ මේක අඩුවක් විදහට. අපි වුනත් මේ පැරණි ශිල්පීන් ශිල්පිනියන් අමතක කරදැමීම වරදක්. ඒ නිසා මම හිතුවා, මීට කලකට පෙර මියගිය පැරණි ශිල්පීන්ගේ සහ ශිල්පිනියන්ගෙ ගීත ගායනාකර ඔවුනට උපහාර පිදිය යුතුයි කියලා. ඒ වෙනුවෙනුයි ජුලි මාසෙ එකොලොස් වැනිදා රෑ හතට කොළඹ බී.එම්.අයි.සී.එච් හිදී ටි්රබියුට් ඔෆ් ද ලෙජන්ඞ්ස් ප්‍රසංගය පැවැත්වෙන්නෙ...’’
මෙම සැමරුම් ගී ප්රසංගයේදී කීර්ති ගායනා කරන්නේ එච්.ආර් ජෝතිපාල, ටී. ෂෙල්ටන් පෙරේරා, ධර්මදාස වල්පොල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි, හරුන් ලන්ත්‍රා, සුනිල් ශාන්ත, එම්.එස්. ප්‍රනාන්දු, සිසිර සේනාරත්න, ගේ‍්‍රෂන් ආනන්ද, නෙවිල් ප්‍රනාන්දු, රුක්මනී දේවී, නාරද දිසාසේකර, සුසිල් පේ‍්‍රමරත්න, මොහිදින් බෙග්, මර්වින් පෙරේරා, ක්ලැරන්ස් විජේවර්ධන, සී.ටී. ප්‍රනාන්දු, සිඞ්නි ආටිගල, ස්ටැන්ලි පීරිස්, තිලකසිරි ප්‍රනාන්දු සහ පද්මසිරි පැස්කුවල් ගායනා කළ ගීත විසිපහකි.
මේ උපහාර ගීතාවලියේදී ගායක ගායිකාවක් විසිපස් දෙනාට අමතරව සංගීත අධ්යක්ෂවරු දහතුන් දෙනෙකුත් ගීත රචකයන් එකොලොස් දෙනෙකුත් ගැන ආයෙම කතාකරනවා. ‘‘ඔක්කොම ශිල්පීන් පනස් දෙනෙකුට උපහාර පිරිනැමෙනවා...’’
ඔබ ගීත තෝරාගත් මේ ශිල්පීන්ගෙ ඥාතීන් ඉන්නවා. නිර්මාණවල බාරකරුවන් ඉන්නවා. ඔබ මේ ප්‍රසංගය සඳහා ඔවුන්ගෙන් අවසර ගත්තද?
‘‘ඔව්, මේ ප්‍රසංගය පවත්වන්න මට මේ තරම් කාලයක් ගත වුනෙත් මෙන්න මේ අවසර ගැනීම වෙනුවෙන්. නමුත් කියන්න ඕනෙ, හැම කෙනෙක්ම මට මේ කටයුත්තට සහයෝගය ලබා දුන් බව. මිය ගිය ශිල්පීන් සියලූම දෙනාගෙ ඥාතීන් ගීතවල හිමිකරුවන් ඉතාම සතුටින් මට මේ ප්රසංගයේදී ගී ගැයීමට අවසර දුන්නා. නමුත් එයින් කාටවත් පාඩුවක් වෙන්නෙ නැහැ. මොකද මම මේ ශිල්පීන්ගෙ ගීත ගායනා කරන්නෙ මේ ප්‍රසංගයට විතරයි ඒ වගේම මේ ප්‍රසංගය කිසිම විදිහකින් වීඩියෝ කරන්නෙවත් සජීවීව රූපවාහිනී නාලිකාවකින් ප්‍රචාරය කරන්නේවත් නෑ...’’
කීර්තිගේ මෙම ගීත ප්‍රසංගයට සංගීතය සපයන්නේ මහින්ද බණ්ඩාරය. යුග ගායනයෙන් නෙලූ අධිකාරීත්, සමිතා එරන්දතීත් එකතු වන අතර කථනය කැලූම් ශ්‍රීමාල්ගෙනි.
කීර්ති අයියා, ඔබට හිතෙන්නෙ නැද්ද මේ ප්‍රසංගය අභියෝගයක් බව...?
මගෙන් ප්රශ්නයකි.
ඇත්තටම මේක ලොකුම ලොකු අභියෝගයක්. මොකද හේතුව මේ ගායකයන්ගෙ විවිධ ගීත ශෛලීන් සහ ඔවුන්ගේ ගායන පරාසයන්ට අනුව ගීත ගායනා කළ යුතු වන නිසා..
ඉතිං ඔබට ඒ අභියෝගයට සාර්ථක මුහුණ දෙන්න පුළුවන්ද?
පුළුවනි. මොකද දන්නවාද රහස මම අවුරුදු ගණනාවක් තිස්සෙම මේ ගායකයන්ගෙ ගීත සමඟ ජීවත් වීම. මම තමයි ෆෝචූන්ස් සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදකයා. මේ නිසා ප්‍රසංග වේදිකාවට නගින ඕනෑම ගායකයකුට ගායිකාවකට බේස් ගිටාර් වාදනයෙන් සහාය වෙන්නෙ මම. මේ විදිහට දශක දෙකක්ම මම ෆෝචූන්ස් කණ්ඩායමේ බේස්ගිටාර් වාදකයා.
ඒවගේම ගීත පටිගත කිරීම්වලදීත් බේස් ගිටාර් වාදකයා විදිහට මම ගීත දහදහකට වැඩි ගණනාවකට සම්මාදම් වෙලා තියෙනවා. ස්ටැන්ලි පීරිස්, සරත් දසනායක සහ රෝහණ වීරසිංහ තුන්දෙනා මොන ගීතයක් නිර්මාණය කළත් බේස් ගිටාර් එක වාදනය කරන්නෙ මම. ලීඞ් ගිටාරය වාදනය කරන්නෙ මහින්ද බණ්ඩාර. මේ නිසා ලංකාවෙ ඕනෑම ගායකයකුගේ ගීත ගායන ශෛලීය ගැන මම දන්නවා.’’
ලංකාවෙ ඒක පුද්ගල ගීත ප්‍රසංග ගණනාවක් බේස් ගිටාර් වාදකයා විදහට මම සම්මාදම් වෙලා තියෙනවා. සත්‍යයේ ගීතය, ලතා රාත්‍රිය. ෆ්‍රෙඞී සිල්වාගේ, බෙග් මාස්ටර්ගෙ, ජෝතිපාලගෙ ප්රසංගවලටත් මං නැතුවම බැරිව ගියා.
‘‘ලයාන්විතයා, ඔහුගේ ලයාන්විත හඬින් ගයන ගී මොනවා විය හැකිද යන ගැටළුව දැන් ඔබේ හිතෙත් ඉපිද ඇති බව මම දනිමි. හේතුව කීර්ති මේ ප්රසංගයේදී ගයන්නේ ඔබ කැමතිම ගීතදැයි දැන ගැනීමට අවශ්‍ය නිසාය. ඔබ සේම මට ද ඒ කුතුහලය මිශ්‍ර ආසාවෙන් පෙලීමය.
කිර්ති අයියා අපි ඔබේ ප්‍රසංගයත් එක්ක ටිකක් අතීතයට යමුද? මට මුලින්ම කියන්න. ඔබ ජෝතිපාලගෙ මොන ගීතය ද ගායනා කරන්නෙ කියලා. මම යෝජනා කරමි.
සරාසඳේ කියන ගීතය.
සරාසඳේ තෝරාගැනීමට විශේෂ හේතුවක් තියෙනවද?
ජෝති අයියා ඔය සිංදුව ගායනා කළේ මිහිදුම් සිිහින කියන චිත්‍රපටයට. සරත් දසනායකයි මේ ගීතය සංගීතවත් කළේ. ජෝති අයියා මේ සිංදුව රෙකෝඩින් කරන හැටිත් මම බලන් හිටියා. ඔහු හැම ප්රසංගයකදීම වගේ මට මුණ ගැහුණා. ජෝති ගී ගයපු ගම් උදාව අවසාන ප්‍රසංගය දවසෙත් මම ජෝති වෙනුවෙන් බේස් ගිටාරය වාදනය කළා.

නමුත් සිසිර සේනාරත්න නම් ඔබට ජෝති තරම් ළඟ නැතුව ඇති.
මොකද නැත්තෙ?
එහෙනම් සිසිර ගැනත් ඔබට මතක් වෙන දේවල් මට කියන්න.
ඉස්සර ප්‍රසංගවලට අපි ඔක්කොම යන්නෙ එකට. එක බස් එකේ. මේ නිසා බස් එක රසගුලාවක්. ඉතින් ජෝති වගේම මිල්ටන්ලා, ෆ්රෙඞීලා, සිසිරලා, ඉන්ද්රානිලා, ඔක්කොම යන්නෙ එකට එක බස් එකේ. මේ නිසා එදා ක්ෂේත්රයේ හිටිය හැමෝම මගේ සුහද මිත්‍රයො බවට පත්වෙලා හිටියා.
සිසිර කියන්නෙ පිළිවෙළට වැඩ කරන ලස්සනට අඳින පලඳින ගායකයෙක්. මම වුනත් ලස්සනට ඇදලා කරලා වේදිකාවට නගින්න පුරුදු වුණේ සිසිරගෙන්.
එතකොට මිල්ටන් මල්ලවආරච්චි එයා ගැන ඔබේ මතක සටහන් කොයිවගේද?
මිල්ටන් මගේ සමීපතම මිත්‍රයෙක්. වතාවක් ඔහු මගෙන් ඉල්ලා සිටියා එයාගෙ පුතා රනිල්ව බලාගන්න කියලත්. කවදා හරි ක්ෂේත්රයට ආවොත් පුලූවන් උදව්වක් කරන්න කියලයි ඔහු මගෙන් ඉල්ලා සිටියෙ. ඇත්තටම අද රනිල් හොඳ තැනක ඉන්නවා.
මේ අයුරින් මියගිය ගායකයන් ගැන කතා කරන්නට කීර්ති පැස්කුවල්ට බොහෝ දේ ඇත. එහෙත් ඒ කතාවලට තිත තියා සඳැල්ලෙන් නික්මෙන්න කීර්තිට අවසර දෙමි.
ලබන සෙනසුරාදා ප්‍රසංග වේදිකාවේදී කීර්ති පැස්කුවල් හෙවත් ලයාන්විතයා ඔහුගේ සංගීත ක්‍රියාන්විතය අරඹනු ඇත.
ඔහුට අපේ සුබපැතුම්!


