දක්ෂ ක්‍රිකට් පුහුණුකරුවකු වූ ලයනල් මෙන්ඩිස් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී බ්‍රහස්පතින්දා (8) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලනය දිනා ගැනීමට නායකත්වය දුන් අර්ජුන රණතුංග ඇතුළු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකගේම පුහුණුකරුවා වූයේ ලයනල් මෙන්ඩිස් මහතාය.
මිය යන විට 80 වැනි වියේ පසුවූ ඒ මහතා කොළඹ ආනන්ද විදුහලේ ක්‍රිකට් පුහුණුකරු ලෙස වසර ගණනාවක් සේවය කළේය.
කොළඹ එන්.සී.සී ක්‍රිකට් ඇකඩමිය අරඹමින් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩකයින් රැසක් බිහි කිරීමට පුරෝගාමී වූ ලයනල් මෙන්ඩිස් මහතාගෙන් ගුරු හරුකම් ලබාගත් ක්‍රිකට් ක්‍රීඩකයන් අතර මහේල ජයවර්ධන, රොෂාන් මහානාම, බන්දුල වර්ණපුර, සිදත් වෙත්තමුණි වැන්නන් වෙති.

