අනුරාධපුර දිස්තික්කයේ කැකිරාව ලබුනොරුව පාසැල කටුමැටි මඩුවක පිහිටි බවත් ගොඩනැගිලි ,ජලය ,විදුලිය ,ගුරු හිගය ,අව්ව ,වැස්ස .සුළග ,පාසල් උපකරණ , ක්‍රීඩා පිටි එහි දරුවන්ට සිහින පමණක් බවත් සඳහන් කරමින් ලංකාදීප එසැණ පළ කළ පුවතට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇත.
දෝහා කටාර් හි සේවය කරන සනත් කෝවිලගේ මහතා ප්‍රමුඛ ශ්‍රී ලාංකිකයෝ පිරිසක් එකතුවී එම පාසලට ගොඩනැගිල්ලක් ඉදිකර දීමට ඉරිපත්වී සිටිති. ඉන් මිතුරන් තිදෙනකු පාසලට පැමිණ ඉදිකිරීම් ගැන සොයා බැලුහ.







