ලබාදුන් පොරොන්දු ඉටුකරමින් රට ඉදිරියට ගෙනයන්න - මල්වතු මහනාහිමියෝ


රංජන් කස්තුරි සහ චමිල් රූපසිංහ

රජයේ සියලු පාර්ශ්වයන් හා එක්ව රටේ සමෘද්ධියට හා සෞභාග්‍යය උදාකර ගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී හා මැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට කටයුතු කරන්නැයි තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල මල්වතු මහනාහිමියන් ජනාධිපතිවරයා වෙත සහ අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත.