
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
2026 වසරේදී අල -ලූනු මිලදී ගැනීමේ ගැටලුව නිරාකරණය කිරීම සඳහා මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අල -ලුනු ඇතුළු සියලු භෝග මිලදී ගැනීම සඳහා සතොස ආයතනයට ගබඩා පහසුකම් හදන්න අයවැයෙන් මිලියන දහසක් වෙන් කර තිබෙනවා.
කෘෂිකාර්මාන්තය ඉලක්ක කරගෙන ජනතාවට මේ අයවැයෙන් බොහෝ අවධානය යොමු කර තිබෙනවා.ලූනු ගොවියන් අල ගොවියන් මේ දිනවල පාරට බැහැලා ඉන්නවා.ආණ්ඩුවක් ලෙස සතොස සහ පෞද්ගලික ආයතන සමග එකතු වී ලූනු මිලදී ගැනීමට මැදිහත්වීමක් කළා.
ඒ මිලදී ගත් ප්‍රමාණය ප්‍රමාණවත් නොවෙන්න පුළුවන් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

