
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙතින් පෙළ පොත්/ මොඩියුල වර්ග මුද්‍රණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2026 වර්ෂය සඳහා පාසල් සිසුන්ට නොමිලයේ බෙදා හැරීම පිණිස මුද්‍රණය කිරීමට නියමිත සමස්ත පෙළපොත්/ මොඩියුල පිටපත් ප්‍රමාණයෙන් 40%ක ප්‍රමාණයක් මුද්‍රණය කිරීම ඍජු ප්‍රසම්පාදනයක් වශයෙන් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත ප්‍රදානය කිරීම සඳහා 2025 -06-16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
පෙළපොත්/ මොඩියුල මුද්‍රණය සඳහා ජාතික තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය යටතේ තෝරාගනු ලබන ලංසු කරුගේ අගයන ලද අවම මිල මත පදනම්ව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට මුද්‍රණය සඳහා ලබා දෙන පෙළපොත් / මොඩියුලවල මිල තීරණය කළ යුතුව ඇත.
ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය මඟින් තෝරා ගන්නා ලද ලංසු කරුවන් වෙත අදාළ පෙළ පොත්/ මොඩියුල මුද්‍රණය සඳහා වන ප්‍රසම්පාදනය මේ වන විට පිරිනමා ඇත. ඒ අනුව අවම ලංසුකරුවන් විසින් ඉදිරිපත් කර ඇති මිල ගණන් මත පදනම්ව පෙළපොත් / මොඩියුල වර්ග 78කින් පිටපත් මිලියන 6.04 ක් මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 761.29 ක (වැට් රහිත) මුදලකට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත පිරිනැමීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

