ලන්ඩයේ දී අත්අඩංගුවට ගත් ලාංකිකයන් සිව් දෙනා ගැන දැනුම් දී නෑ


( තිළිණි ද සිල්වා )
 
ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සම්බන්ධයෙන් මේ දක්වාත් කිසිදු තොරතුරක් දැනුම් දී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර සිටී.

ත්‍රස්ත සංවිධානයකට අයත් බව පැවසෙන ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු පසුගියදා ලන්ඩනයේ ලූටන් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

කෙසේ වෙතත් මොවුන් ශ්‍රී ලාංකිකයින් බව පැවසුව ද ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙට්රොපොලිටන් පොලීසිය විසින් ලන්ඩන් හි ශී ලංකා මහකොමසාරිස්  කාර්යාලයට ලබා දී නොමැති බවද එම අමාත්‍යංශය සදහන් කළේය.

මෙම ශ්‍රී ලාංකකියින් බව පැවසෙන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස මහකොමසාරිස් කාර්යාලය  ඉල්ලීමක් කර ඇත.

පසුගිය 10 වන දින පස්වරුවේ ලූටන් ගුවන්තොටුපල වෙත පැමිණි මොවුන් සිව් දෙනා පසුගිය 11 වැනි දා අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඒ අනුව ඔවුන් මේ වන විට එංගලන්තයේ බෙට්පෙෂර් පොලීසියේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව විදෙස් වාර්තා සඳහන් කළේය.