ලන්ඩන් නුවර පදිංචි ලක්ෂ්මි පෙරේරාගේ දියසායම් චිත්‍ර ප්‍රදර්ශනයක් පසුගියදා කොළඹ ආනන්ද විද්‍යාලයීය "සියවස" ගොඩනැගිල්ලේදී පැවැත්විණි.
ඇය කලක් ආනන්ද විද්‍යාලයේ විද්‍යා ගුරුවරියක ලෙස සේවය කළාය. දින තුනක් තුල පැවති ප්‍රදර්ශනයේ තිබු බොහෝ නිර්මාණ අලෙවි වූ අතර එම මුදල් සියල්ලම ආනන්ද විද්‍යාල ආදී ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍යත්ව අරමුදල සහ ශිෂ්‍ය නිවාසය අරමුදල සඳහා පරිත්‍යාග කැරිණි.
ප්‍රදර්ශනය සඳහා ලක්ෂ්මි පෙරේරා විසින් ලන්ඩන් නුවරදී නිර්මාණය කළ චිත්‍ර 100 කටත් වැඩි ප්‍රමාණයක් ඇතුළත් විය.
ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස පැමිණි පණ්ඩිත් අමරදේව සහ විමලා අමරදේව ප්‍රදර්ශනය විවෘත කළහ.
ලන්ඩන් නුවරදී සහ ශ්‍රී ලංකාවේදී ඇය මිට පෙර චිත්‍ර ප්‍රදර්ශන ගණනාවක්ම පවත්වා ඇත.
නැවත වතාවක් තමන්ගේ අලුත්ම චිත්‍ර ඇතුළත් ප්‍රදර්ශනයක් ආනන්ද විද්‍යාලයට ආධාර ලබාගැනීම සඳහා කොළඹදී සංවිධානය කිරීමට ලැබීම ගැන ඉමහත් සතුටක් දැනෙන බව පැවසු ඇය මෙවර ප්‍රදර්ශනය සඳහා තම ආරාධනාව පිළිගෙන ජාතියේ උත්තම සම්පතක් වන පණ්ඩිත් අමරදේවයන් සහ විමලා අමරදේව සහභාගිවීම තමන් ජිවිතයේ ලද උපරිම ගෞරවය සහ සන්තෘප්තිය ලෙසින් සලකන බවද පැවසුවාය.










