එංගලන්තය වැනි ධනවත් රටක මහමඟ ජීවිතය ගෙවන ඉංග්‍රීසිකාරයින් ඉන්නවායයි කිසිවෙක් නොසිතනු ඇත. එහෙත් ඇත්ත එය නොවේ. ලෝකයේ විවිධ රටවලින් සරණාගතයින් ලෙස එංගලන්තයට පැමිණෙන විදේශිකයින්හට සහ යුරෝපා රටවල සිට පැමිණෙන අයට මානව හිමිකම් නීති රීති යටතේ රජයෙන් සුපෝඛබෝගී ජිවිත ගෙනයාහැකිවන තරමේ නිවාස සහ සහනාධාර ගෙවනු ලැබෙයි .
නමුත් විවිධ හේතු මත මහ මඟට වැටි ඉන්නා එංගලන්ත පුරවැසියන්ට එම අයිතිවාසිකම ලබාගැනීමේදී විවිධ නීති රීති හා බාධාවන්ට මුහුණදීමට සිදුවෙයි.
තැපැල් ලිපිනයක් නොමැතිනම් රජයේ ආධාර ලබාගැනීම අවහිර වෙයි. මහ මඟට වැටි ඉන්නා අනන්ත අප්‍රමාන බ්‍රිතාන්‍ය වැසියන් හට යන එන මඟක් නැත.
ලන්ඩන් නුවර අගුපිල්වල දුක සේ ජිවිත ගෙවන තරුණ මෙන්ම මහළු බ්‍රිතාන්‍ය ජාතිකයෝ බෙහෝ පිරිසක් සිටිති.
මහමඟ හිඟාකැම එංගලන්තයේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් මේ අයට එදිනෙදා අවශ්‍යතාවයන් පිරිමහ ගැනීම සඳහා ප්‍රසිද්ධියේ පිනට යමක් ඉල්ලාසිටින්නටද ඉඩක් නැත.
සීත සමය උදාවෙත්ම මේ හැම දෙනාම ඉමහත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙති. අහාර හිගය මෙන්ම සුදුසු උණුසුම් ඇඳුම් නොමැතිවීම නිසා මේ බොහෝදෙනා සීත ඍතුව ගෙවාගන්නේ ඉතා අමාරුවෙනි.
ලන්ඩන් නුවර බොහෝ ස්වෙච්චා සංවිධාන නිරන්තරයෙන් මොවුන්ගේ දුක සැප බලාගනිති. ඔවුනට අවශ්‍ය ඇප උපකාරද හැකි අවස්ථාවන්හි තාවකාලික නවාතැන් පහසුකම්ද ලබාදෙති.
ලන්ඩන් නුවර ශ්‍රී ලාංකික තරුණ තරුණියන් විසින් පිහිටුවාගෙන ඇති ශ්‍රී ලාංකික තරුණ එකමුතුව මඟින් පසුගියදා මෙවැනි අසරණයින්හට අවශ්‍ය ආහාර සහ උණුසුම් ඇඳුම් බෙදාදීම සඳහා කටයුතු යොදා ඇත.
ලන්ඩන් නුවර ජිවත්වන ශ්‍රී ලාංකික පවුල්වල තරුණ තරුණියන් අතරේ දැනහැඳින ගැනීම් වැඩිදියුණු කිරීමත් ඔවුන්ගේ දක්ෂතාවයක් ප්‍රයෝජනයටගෙන ශ්‍රී ලංකාවේ විවිධ සුභ සාධක කටයුතු සඳහා අතදිමත් මෙම එකමුතුවේ මුලික අරමුණ වෙයි. මෙම සංවිධානය මුලින්ම ආරම්භ කරන ලද්ද්දේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකික තරුණ පිරිස් විසිනි. එහි ලන්ඩන් ශාඛාව පිහිටුවාගන්න ලද්දේ මෑතදීය.
ලන්ඩනයේ ජිවත්වන අසරණයින් හට සරණවිම සඳහා මෙම දුදරුවන් ගන්නාලද පියවර කාගේත් ප්‍රශංසාවට ලක්විය.