වසර හතර හමාරකට පමණ පෙර ලන්ඩනයෙන් සොයා ගත් විශාලතම නිධානයේ රඹහ මැණික් ශ්‍රී ලංකාවෙන් විය හැකි යැයි අනුමාන කෙරේ.
හත් වැනි සහ අට වැනි සියවසේ මර්සියා රාජධානියට අයත් බව සැලකෙන පවුම් තිස් තුන් ලක්ෂයක් (රුපියල් ලක්ෂ 7194) වටිනා මහාර්ඝ නිධානයක් එංගලන්තයේ ස්ටැෆඩ් ෂයර් ලිච්ෆීල්ඩ් ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත.
2009 ජූලි පස් වැනි දා ලැබුණු මෙම නිධානයේ වැඩිපුරම ඇත්තේ එදා යුද්ධයට සම්බන්ධ ආයිත්තම් රැසකි.
කිලෝ පහක් බර රන් ද, කිලෝ එකහමාරකට ආසන්න රිදී ද, තඹ ද, රබහ (රතු මැණික් වර්ගයකි) ගල් 3500ක් ද මෙම නිධානයට ඇතුළත් වෙයි. එම මැණික් ගල් ශ්‍රී ලංකාවෙන් විය හැකි යැයි කියති.
යුද්ධයේ දී ප්‍රධානය කැරුණු කඩුවල මිටි, රනින් සෑදූ සත්ත්ව රූප, කුරුස හෙල්මට් ආදිය එහි ඇත.
මෙම වස්තු සෙබළුන් විසින් හෝ සොරුන් විසින් වළ දමන්නට ඇතැයි සැක කෙරේ.
1939 දී සට්න් හු රාජකීය නැවෙන් සොයා ගත් රන් මෙන් තුන් ගුණරයක් එම නිධානයෙන් සොයා ගත් බව ටෙරී හර්බට් නම් ලෝහ පිරික්සුම් විශේෂඥයා කියයි.

