ලන්ඩන් බෞද්ධ විහාරයේ කඨින පිංකම


ලන්ඩන් බෞද්ධ විහාරයේ  කඨින පිංකම  විශාල  පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබිය.

1926 දි  අනගාරික ධර්මපාල තුමන් විසින් ආරම්භ කරන ලද ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය, යුරෝපයේ ආරම්භ කළ ප්‍රථම ථෙරවාද බෞද්ධ විහාරස්ථානයයි. අද වන විට යුරෝපයේ හැම රටකමවාගේ ථෙරවාද විහාරස්ථාන ඇත.

ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක  බෝගොඩ සීලවිමල හිමියන්ගේ අනුශාසනාවෙන් සංවිධානය කැරුණු කඨින පිංකම සඳහා ශ්‍රී ලාංකික මෙන්ම යුරෝපිය පිරිස් ද සහභාගී වුහ.

මෙවර පිංකමේ  දායකත්වය දරන ලද්දේ පේරුසිංහ පවුලේ සැමදෙනා විසිනි.

පිංකමේ සියලු වැඩකටයුතු සඳහා විහාර පාලක සභාවේ සහ දායකයන්ගේ   සහයෝගය ලැබුන බව සීලවිමල හිමියෝ කියති.

ලන්ඩන් නුවර සහ ඒ අවට ශ්‍රී ලාංකික විහාරස්ථාන බොහොගනනක මාහා සංඝයා වහන්සේ පිංකම සඳහා වැඩමකර සිටියහ.

වැඩමකළ සංඝයාවහන්සේලාගේ ඒකමතික තීරණය අනුව  චීවරය ලන්ඩන් බෞද්ධ විහාරවාසී පුජ්‍ය තවලම බන්දුල හිමියන්වෙත පුජාකරනු ලැබිය.