ලන්ඩන් පන්සලේ ගුණ සමරුවක්
මහනුවර ශ්‍රී දළදා මාලිගයට 1998 ජනවාරි 25 වැනිදාත් ඉන්පසු අනුරාධපුර ශ්‍රී මහාබෝධි මළුවටත් එල්ලවූ කොටි බෝම්බ ප්‍රහාරයෙන් ද මියගිය අයට පින් අනුමෝදන් කැරැවීමේ පින්කම ලන්ඩන් බෞද්ධ විහාරයේ දී පැවැත්විණි. ලන්ඩනයේ වාසය කරන කරුණා බස්නායක මහත්මිය පසුගිය 13 වසර පුරාම මේ පින්කම පවත්වා දිවිදුන් වීර සෙබළුන්ට ද පින් පමුණුවයි.

