ලන්ඩන් පන්සලේ කන්නන්ගර සැමරුම


ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස ගෞරවාදරයට පත්ව  සිටි සී.ඩබ්ලියු. ඩබ්ලියු.කන්නන්ගර ශ්‍රීමතාණන් සිහිකර පිං පැමිණවීමේ දානමය පින්කමක් ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්වීමට යයි.

ශ්‍රී ලංකාවේ මධ්‍යම මහා විද්‍යාල ආදී ශිෂ්‍ය සංගමය පිංකම සුදානම් කර ඇත. 

ලන්ඩන් විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක  බෝගොඩ සීලවිමල නාහිමියන් ඇතුළු ලන්ඩන් විහාර වැසි භික්ෂුන්වහන්සේ ඒ සඳහා සහභාගී වනු ඇත.

කන්නන්ගර මැතිතුමන්1931 සිට 1947 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කල කාලයේ ශ්‍රී ලංකාවේ සියලුම දු දරුවන් සඳහා නිදහස් අධ්‍යාපනයක් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබිය. රට පුරා මධ්‍යම මහා විද්‍යාල පිහිටුවීමත් පේරාදෙණිය විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමත්, පාසල් සිසුන් සඳහා දහවල ආහාරය සැපයිමත් පිරිවෙන් අධ්‍යාපනය උසස් තත්වයකට නගාසිටුවීමත් එතුමන් අත්ගින් සිදුවූ උදාර සේවා අතර වෙයි

මෙම මස 19 වෙනි සෙනසුරාදා දහවල් 10 සිට ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී  පැවැත්වෙන පිංකමට සහභාගී වන ලෙස ලන්ඩන්  නුවර පදිංචි ශ්‍රී ලංකාවේ මධ්‍යම මහා විද්‍යාලයන්හි අධ්‍යාපනය ලද සැමටත් කන්නන්ගර මැතිදුන් අතින්  ශ්‍රී ලංකාවට ඉටුවූ උත්තම සේවාව අගය කරන සියලුම දෙනාටත් ඇරයුම් කරන බව සංවිධායකයෝ පවසති.