ලන්ඩන් පංසලේ සගමිත් පෙරහර


සගමිත් පෙරහර ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි. ශ්‍රී ලාංකිකයෝ ද යුරෝපියෝ ද පිරිසක් අටසිල් සමාදන්ව සිටියහ. අමරාවතී මෙහෙණි ආරාමයේ මෙහෙණිවරු දෙදෙනෙක්ද වැඩසිටියහ.  දස සිල්, බණ, භාවනා, ඇතුළු වැඩ සටහන් රැසක් විහාරාධිපති බෝගොඩ සීලවිමල හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු විය.