ලෝකයේ ප්‍රධානතම වාර්ෂික සිනමා උළෙල ලන්ඩන් චිත්‍රපට උළෙල සඳහා කෙටි හෝ වෘත්තාන්ත චිත්‍රපට ඉදිරිපත්කරන ලෙස සංවිධායකයෝ ඉල්ලති.
මෙවර ලන්ඩන් සිනමා උළෙල පැවැත්වෙන්නේ 58 වැනි වතාවටය.
ඒ සඳහා විනාඩි 40 කට වඩා කෙටි හෝ වෘතාන්ත චිත්‍රපට ඉදිරිපත් කළ හැකිවෙයි.
චිත්‍රපට උළෙල ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය සිනමා ආයතනයේදී මෙම වසරේ ඔක්තෝම්බර් 8 වැනිදා සිට 19 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
කෙටි චිත්‍රපට පිළිබඳ විස්තර සහ ඩීවීඩී පිටපත් ජුනි මස 13 වැනිදා පෙරත් වෘත්තාන්ත චිත්‍රපට පිලිබඳ විස්තර සහ ඒවායේ ඩීවීඩී පිටපත් ජුනි 20 වැනිදාට පෙරත් ඉදිරිපත් කළ යුතුවෙයි.
පසුගිය වසර කිහිපයකම ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් කිසිදු චිත්‍රපටයක් ඉදිරිපත් වී නැත.
චිත්‍රපට ඉදිරිපත් කිරීම සම්බන්ධ සියලු විස්තර bfi.org.uk/lff යන අන්තර් ජාල පිටුවෙන් ලබාගත හැකිවෙයි.
ලන්ඩන් චිත්‍රපට උළෙලේ විශේෂත්වය වන්නේ ඒ සඳහා ලෝකයේ සියලුම ප්‍රධාන චිත්‍රපට බෙදාහරින සමාගම්වල නියෝජිතයින් සහභාගිවීමයි. මේ නිසා එහි ප්‍රදර්ශනය වන චිත්‍රපට ලොව වටා ප්‍රදර්ශනය සඳහා අලෙවි කර ගැනිමටට ඉඩකඩ උදාවෙයි.
මිට පෙර ලෙස්ටර් ජේම්ස් පිරිස්, සුමිත්‍රා පිරිස්, වසන්ත ඔබේසේකර, ධර්මසේන පතිරාජ, අශෝක හඳගම, ප්‍රසන්න ජයකොඩි, ප්‍රසන්න විතානගේ සහ සෝමරත්න දිසානායකගේද නිර්මාණ ලන්ඩන් චිත්‍රපට උළෙලේදී ප්‍රදර්ශනය කෙරුණි.
වරෙක ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සියලු නිර්මාණ ඇතුලත් විශේෂ ප්‍රත්‍යවලෝකන සිනමා උළෙලක් බ්‍රිතාන්‍ය සිනමා ආයතනය විසින් සංවිධානය කැරිණි. ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර චිත්‍රපට ආයතනයකින් ශ්‍රී ලාංකික සිනමා කරුවකු ලබාගත් වැදගත් පිළිගැනීමක් ද විය.
පුස්තකාල දර්ශන

