ලන්ඩන් ගිය 29 යානයක පටවා එවති


බ්‍රිතාන්‍යයයේ දේශපාලන රැකවරණ පැතූ තවත් ශ‍්‍රී ලංකිකයෝ 29 දෙනකු එරටින් පිටුවහල් කරනු ලැබ බ්‍රිතාන්‍ය ආගමන විගමන හා පොලිස් නිලධාරීන් විසින්  ඊයේ(07)   මෙහි ගෙන එනු ලැබූහ. බ්‍රිතාන්‍ය රජය    මොවුන්ගේ සරණාගත අයදුමිපත්  ප‍්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව එරට  සංක‍්‍රමණික කඳවුරු කිහිපයක රඳවා සිටි මෙම පිරිස් විශේෂ කුලී ගුවන් යානයකින්  ලන්ඩන්හි හීතෘ   ගුවන්තොටුපොළේ සිට  මෙහි ගෙන අයේ  දැඩි රැකවල් මධ්‍යයේය. බ්‍රිරිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයය සහ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංක‍්‍රමණිකයින් සඳහා වූ සංවිධානය  මැදිහත්ව මොවුන්  මෙරටට ගෙන්වීම  සඳහා කටයුතු කර තිබුන අතර පිටුවහල් කැරුණු  එක් පුද්ගලයකු වෙනුවෙන් දෙදෙනෙකු  බැගින් බ්‍රිතාන්‍ය ආගමන විගමන නිලධරයෝ ද  පොලිස් නිලධරයෝ ද ආහ. ඔවුන්  අතර  දෙමළ ජාතිකයෝ විසිපස්දෙනෙක් ද ,  මුස්ලිමි ජාතිකයෙක් ද  සහ සිංහල ජාතිකයෝ තිදෙනෙක්   වූහ. මොවුන් අතර පිරිමි විසිහය දෙනෙක් ද   කාන්තාවෝ තිදෙනෙක් ද වූහ. .මොවුහු  කිලිනොචිචිය, යාපනය, මඩකලපුව, වවිනියාව,  කොළඹ සහ වත්තල ආදි ප‍්‍රදේශවල පදිංචිකරුවෝ  වෙති. මින්  සමහර දෙනකු අධ්‍යාපනය හෝ රැකියා සඳහා බ්‍රිතාන්‍යයට  ගොස්  වීසා කාලය ඉක්මවූ පසුත් එහි රැුදී සිට අය වෙති.   වූවෝ වෙති.  තවත් පිරිසක් මෙරට පැවති යුධමය වාතාවරණය හේතුවෙන්  දේශපාලන රැකවරණ පතා  එරටට ගොස් විවිධ රැකියාවල නියුක්ත වුවෝ වෙති. මොවුන්ගෙන් බහුතරයක්    වසර 01 කේ සිට වසර 4,05,06,10 දක්වා කාලයක් සරණාගතයින් ලෙස රැදී සිටිම්න්   එරට විවිධ රැකියා කළ වූවන් වන අතර ශ‍්‍රී ලංකාවට නැවත පැමිණීමට අකමැති වූවෝ වෙති මීට පෙර අවස්ථා හයකදී බ්‍රිතන්‍යයෙන් පිටුවහල් කරන ලද ශ‍්‍රී ලාංකිකයෝ දෙසීයකට අධික පිරිසක්  මෙලෙස මෙරටට ගෙනු එනු ලැබූහ. ඇත. ශ‍්‍රී ලාංකික සරණාගතයින් මෙලෙස බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීම ආරමිභ කරනු ලැබූයේ 2011  වසරේදීය.   එම වසරේ ජූනි 16,  සැප්තැමිබර් 28, දෙසැමිබර් 15 සහ මෙම වසරේ  පෙබරවාරි 28 සහ  මැයි 31 දාත් සරණාගතයින් ලෙස කල්ගෙවූ ශ‍්‍රී ලාංකිකයෝ  මෙරටට ගෙන එනු ලදහ. බ්‍රිරතාන්‍ය නිලධාරීන් විසින් මොවුන් මෙරට ආගමන විගමන නිළධාරීන්ට බාර දුන් පසුව කරන ලද  විමර්ශනවලින් අනතුරුව මොවුන් කටුනායක ජාත්‍යන්තර  ගුවන් තොටුපොළේ අපරාධ විමර්ශන අංශයට බාර දෙන ලදී. රහස් පොලිසියෙන් සහ රාජ්‍ය බුද්ධි අංශයෙන් කරන ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම පිරිස  මුදා හැරීමට නියමිතය.