ලන්ඩන් කමිසුරු බර්මින්හැම් පන්සලේ


මහා බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් ආචාර්ය ක‍්‍රිස් නෝනිස් හා නියෝජ්‍ය මහා කොමසාරිස් පී.එම්.අම්සා මහත්වරු බර්මින්හැම් බෞද්ධ විහාරයට ගියහ. විහාරාධිපති හා මහා බි‍්‍රතාන්‍යයේ මිඩ්ලන්ඩ් අන්තර් ජාතික බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය විතාරන්දෙණියේ කස්සප හිමි හා උප සභාපති දොස්තර එස්. ප‍්‍රගාසම් ඇතුළු දායක සභාව විසින් ඔවුහු පිළිගනු ලැබූහ. මිඩිලන්ඩ්හි සිංහල දෙමළ හා මුස්ලිම් සමගිය අගය කළ ආචාර්ය නෝනිස් විහාරයේ නව ගොඩනැඟිලි සැළැසුම් ද පිරික්සා එහි සංස්කෘතික හා අධ්‍යාපන වැඩ පිළිවෙළ ගැන ද සතුට පළ කෙළේය.