ශ්රී ලංකාවේත් සොයා ගැනීමට නොහැකි බව කියන දුර්ලභ වෙස් මුහුණු ඇතුළත් මේජර් පවල් කොටන් පෞද්ගලික කටුගෙය ලන්ඩනයේදී ශ්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික නැටුම් ගැයුම් හා වැයුම් මැද්දේ උත්සවශ්‍රීයෙන් විවෘත විය. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයද සමග එක්ව විවෘත කළ මේ කටුගෙයි ශ්‍රී ලංකාවේ කෞතුක භාණ්ඩ සියයක් පමණ ඇතුළත් වෙයි. එංගලක්තයේ වැඩබලන මහ කොමසාරිස් පී.එම්.අම්සා හා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ලන්ඩන් අධ්‍යක්‍ෂ සත්ජිත පෙරේරා මහත්වරුද උත්සවයට සහභාගී වූහ.

