ලන්ඩන් ඔලිම්පික් යන්න ශ්‍රී ලංකා බොක්සිං ක‍්‍රීඩකයන් දැරූ අවසන් උත්සහයත් වරදී
කසකස්තානයේ පැවැති ආසියානු බොක්සිං ක‍්‍රීඩකයන්ගේ තරගාවලියේදී පී. ඞී. සුරේෂ් සහ දමිත් විජේරත්න පළමු වටයේදීම පරාජයට පත්වෙමින් ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට (2012) සුදුසුකම් ලැබීමේ අවසන් අවස්ථාව අහිමි වුහ.
ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජයේ පී. ඞී. සුරේෂ් කිලෝග‍්‍රෑම් 52 ෆ්ලයි බර පංතියෙන් ද, යුනිචෙලා ක‍්‍රීඩා සමාජයේ දමිත් විජේරත්න කිලෝග‍්‍රෑම් 56 බැන්ටම් බර පංතියෙන් ද තරග කළහ.
දමිත පළමු තරගයේදී කිරිකිස්තාන් ක‍්‍රීඩකයකු හමුවේ පරාජයට පත්විය. වැඩි වාසියක් සමගින් තරග බිමට පිවිසි සුරේෂ් අවාසනාවන්ත ලෙස ජපන් ක‍්‍රීඩකයකු හමුවේ පළමු වටයේම පරාජය ලැබීය. සුරේෂ් තරගය ජය ලබා දෙවැනි තරගය ද ජය ගැනීමට හැකි වුයේ නම් ඔහුට ඔලිම්පික් වරම් හිමිකර ගැනීමට තිබු බවද වාර්තාවේ.

