ලන්ඩනයේ සදැම්ටන් ප්‍රදෙසේ ශ්‍රී ලාංකික ආහාර අලෙවි සලක් වෙසක් නිමිත්තෙන් අයිස්ක්‍රීම් දන්සලක් දුන්නේය.
ශ්‍රී ලංකා නිෂ්පාදන අලෙවියට නමක් දිනා සිටින මෙම සාප්පුව ශ්‍රී ලංකා සංස්කෘතිය බ්‍රිතාන්‍යයන්හට හඳුන්වා දීමට උත්සාහයක් ගනී.
පසුගිය ජනවාරි පළමුවැනිදා සාප්පුවේ හිමිකරු ශ්‍රී ලංකා රස කැවිලි දන්සලක් පැවැත්වීය.
මෙවර ඔවුන්ගේ සාප්පුව බෞද්ධ කොඩි හා වෙසක් සැරසිලි වලින් සරසා තිබිණි.
දන්සලට ආ බ්‍රිතාන්‍ය ජාතිකයිනට සාප්පුව හිමිකරුවෝ වෙසක් උත්සවය ගැන අවබෝධයක් ද ලබා දුන්හ.

