ලන්ඩනය කසාවතින් බැබළේ


මහා පඬිවරයකු වූ මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නා හිමියන්ගේ 22 වැනි ගුණ සමරුව නිමිත්තෙන් මධ්‍යම ලන්ඩනයේ සද්ධාතිස්ස අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේඩදී සර්ව රාත‍්‍රික පිරිත් දේශනයක් හා සාංඝික දානයක් පැවැත්විණි. බලන්ගොඩ ආනන්ද මෛත‍්‍රය මහා නා හිමියෝද එහි දී සැමැරුණහ. ප‍්‍රංශය, ශ්‍රී ලංකාව හා ලන්ඩනයේ පන්සල්වලින් විසි පස් නමකට අධික මහා සංඝරත්නය වැඩම කළ මෙවැනි පින්කමක් ලන්ඩනයේ පැවැතියේ මුල්වරටය. ගලයායේ පියදස්සි සංඝනායක හිමියන්ගේ ඇරියුමින් මහා සංඝරත්නය එහි වැඩම කළහ. ශ්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහා කොමසාරිස් දොස්තර ක‍්‍රිස් නෝනිස්, නියෝජ්‍ය මහා කොමසාරිස් එම්.ආර්.කේ ලෙනගල, කෝකිලා වෛද්‍යරත්න, එච්.එම්.කේ. හේරත් යන මහා කොමසාරිස් කාර්යාල නිලධරයෝ  පින්කමට එක්වූහ. ජගත් රණසිංහ මහතා පිරිත් මණ්ඩපය නිර්මාණය කැර තිබිණි.