(කාංචන කුමාර ආරියදාස)
ලග්ගල මඩු මාන ගල්ගේ දේවාල රක්ෂිතයේ මහා පරිමාණ කුඹුක් දැව ජාවාරමක් ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසීහු පවසති.
මෙම ප්‍රදේශයේ මහා පරිමාණයෙන් කුඹුක් ගස් කපා මන්දිරවල බිමට හා තරප්පු පෙළවල්වලට ඇල්ලීම සඳහා කුඹුක් දැව කොටස් කරමින් සිටින බවට ලද තොරතුරක් අනුව අද(28) ලග්ගල අඩවි වන කාර්යාලය සිදුකළ වැටලීමකදී විශාල කුඹුක් ගස් හතරක් කපා කොටස් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්ගේ දේවල ඇල මගේ තිබුණු වසර 300ක් 400ක් පමණ පැරණි කුඹුක් ගස් හතරක් මේ අකාරයෙන් කපා කොටස් කරමින් තිබෙන අයුරු දැකගත හැකිය.
මේ පිළිබඳව ලග්ගල අඩවි වන කාර්යාලය බීට්ටු වන නිලධාරී ඊ. එස්. එල්. එදිරිසිංහ මහතාගෙන් විමසීමේදී කියා සිටියේ දැව ජාවාරමේ යෙදී සිටි පුද්ගලයන් දෙදෙනකු හඳුනාගෙන ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ය. මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු පිළිබඳව තොරතුරක් තමන් වෙත ලැබි නොමැති බවත් හෙතෙම සඳහන් කළේ ය. සැකකරුවන් දෙදෙනා නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් පනස්දහසක ශරීර ඇප දෙකක් මත මුදාහැරී බව හෙතෙම කියා සිටියේය.




