
(ප්‍රසන්න පත්මසිරි)
බිබිල මඩුල්ල ලග්ගල ගැමියෝ පිරිසක් දික්ඔය හරහා පාලමක් ඉල්ලා දින තුනක් තිස්සේ මාරාන්තික උපවාසයක නිරතව සිටිති.
තඹාන දික්ඔය හරහා තම ගම්මානයට නෙදර්ලන්ත රජයෙන් පාලමක් ඉදිකිරීමට රුපියල් කෝටි හතරක මුදලක් ලැබුන බවත් එය දේශපාලකයින්ගේ මැදිහත්වීම මත ගම්මානයට නොලැබුණු බව ද ගම්වාසීහු පවසති.
පාලම ඉදිකළ යුතුයැයි කියන දික්ඹය අසළ තාවකාලික මඩුවක් ඉදිකර මේ ආකාරයෙන් උපවාසයේ නිරතව සිටිති.
මේ පිළිබදව මඩුල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති චමින්ද පුප්පකුමාර මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ ඉදිරියේදි ලග්ගල තඹාන ගම්මානට පිවිසීම සඳහා පාළම ඉදිකර දෙන බවයි.



