මනෝප්‍රිය ගුණසේකර
වෛද්‍යවරයකුගෙන් රුපියල් ලක්ෂ 80 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 25 ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින නාරහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා හා අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහි නඩුව ලබන මාර්තු මාසයේ සිට විභාග කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා තීරණය කළේය.
අධිකරණ නියෝගයන්ට අනුව උසාවියේ පෙනී සිටි උපුල් ගුණතිලක සහ තිස්සසිරි සුගතපාල යන විත්තිකරුවන්ට අධි චෝදනා පත්‍ර බාරදුන් විනිසුරිවරයා මොවුන් දෙදෙනා රුපියල් 215000 බැගින් වු මුදල් හා ශරීර ඇප මත මුදා හැරීමට නියම කැරණි.

