එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් දසනායක මහතා පැහැරගෙන පහර දීමට අනුබල දුන්නැයි කියන සිද්ධියක් මත රිමාන්ඩ් බාරයේ සිටි හිටපු නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරා දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස මාතලේ මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය.
රුපියල් ලක්ෂ දෙක හමාරක ශරීර ඇප නියම විය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම හෝ කලකෝලහාල කිරීමෙන් වැළකී සිටින ලෙසත් මහේස්ත්‍රාත් ඔහුට තරයේ අවවාද කළේය.

![DSC_1606[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC_16061.jpg)
![DSC_1607[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC_16071.jpg)
